අහසින් තරුවක් කඩා වැටෙනවා Lyrics
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ..
නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ..
පෑහිමක් නෑ නොකරෙන දීගේ
සෙවණැල්ලත් ඇද ලූ..
දවල් වැටුණු වල මෙදා වැටුණේ රෑ
හිත හොඳ වැඩි කම ලු..
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ..
නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ..
මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ. .
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟල් දවසේ..
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ..
නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ..