ඇහි පිල්ලමක් අතර

Ahi Pillamak Athara


ඇහි පිල්ලමක් අතර Lyrics

ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක්ව නවතින්න දෑසේ
උණුසුම්ව සුසුමක්ව දැවටෙන්න මහදේ
මිහිරේ.. මිහිරේ.. මිහිරේ..

මේ මියුරු ගී හඬද ගී පෙලද ඔබගේ
මේ පිරුණු දෙකොපුල්ද තොල්පෙතිද ඔබගෙය
සුලඟින්ද කිළිපොලන සියොළඟම ඔබගෙය
මිහිරේ.. මිහිරේ.. මිහිරේ ..

හැමදාම පෙම් හීන ඇඳ රෑට ගැවසෙන්න
කොඳුරන්න රස රහස මා ළඟ ම ඇලවෙන්න
මල් කැකුළු මත සොඳුරු පොඳ වැස්ස වස්සන්න
මිහිරේ.. මිහිරේ.. මිහිරේ…

ඇහි පිල්ලමක් අතර සැඟවෙන්න රහසේ
සීතලම කඳුලක් ව නවතින්න දෑසේ
උණුසුම්ව සුසුමක් ව දැවටෙන්න මහදේ
මිහිරේ.. මිහිරේ.. මිහිරේ

Video thumbnail