අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..
මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ..
අදින් පසුව සුවඳ මලක් ඔබෙ පෙම්බර කැදැල්ලේ..
පිපෙන වගට මේ සන්නස ආදරයෙන් ලියන්නේ..
සඳලුතලෙන් සිනහා දෙන්න ආලින්දය පිරෙන්න
කඳුළු බිඳක් එපා දෙන්න මට නම් දුක හිතෙන්න
සඳලුතලෙන් සිනහා දෙන්න ආලින්දය පිරෙන්න
කඳුළු බිඳක් එපා දෙන්න මට නම් දුක හිතෙන්න
පවුරු බැඳන් හිටියත් අපි මේ සෙනෙහස පුරන්න
පලුදු වෙන්න පුළුවන් හිත පරිස්සමෙන් හිඳින්න
අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..
මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ..
අදින් පසුව සුවඳ මලක් ඔබෙ පෙම්බර කැදැල්ලේ..
පිපෙන වගට මේ සන්නස ආදරයෙන් ලියන්නේ..
සීපදයක නාල තියා සෙයිලම මල් පිපෙන්න
සිගිරි ලලනාව වගේ ඔබ කවියක් කියන්න
සීපදයක නාල තියා සෙයිලම මල් පිපෙන්න
සිගිරි ලලනාව වගේ ඔබ කවියක් කියන්න
සිහිනෙන් ළංවී හිඳගෙන මට තනියක් නොවන්න
හැම රෑකම හිස පිරිමැද හාදුවකින් තෙමන්න
අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..
මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ..
අදින් පසුව සුවඳ මලක් ඔබෙ පෙම්බර කැදැල්ලේ..
පිපෙන වගට මේ සන්නස ආදරයෙන් ලියන්නේ..
පිපෙන වගට මේ සන්නස ආදරයෙන් ලියන්නේ...
පිපෙන වගට මේ සන්නස ආදරයෙන් ලියන්නේ...