අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවි පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා..
අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවි පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරැළ බිම වැටෙයිද සිතුනා
සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා..
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා
අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවි පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා..
සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා
අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවි පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා..
අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවි පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා...