අකලට වට මහ වරුසාවක් සේ Lyrics
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතු මොහොතක
ඇයිදෝ යළි ආවේ..
පෙරදා මන් හද මල් පිපුණාදෝ..
සතුටු කඳුළු නුවනඟ මිදුණාදෝ..
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ..
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා..
රජෙකුට හිමි වු මා දැන් රැජිනකි
සතුටයි කිරුළ අපේ..
හෙට හමුවීමෙන් කිසිඳු පලක් නෑ..
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ..
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ..
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතු මොහොතක
ඇයිදෝ යළි ආවේ..
ඇයිදෝ යළි ආවේ..
ඇයිදෝ යළි ආවේ...