අකීකරුද ඔබේ සිතත් Lyrics
අකීකරුද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රළ වාගේ..
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළඟක් වාගේ..
ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැගෙන්න
ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැගෙන්න
සුළඟ සැරෙන් හමනා විට
ගිනිදැල් තව තව ඇවිලේවී..
ඒ ගින්දර නිවාලන්න
ඒ සුළඟම විවරණ දේවී..
අකීකරුද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රළ වාගේ..
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළඟක් වාගේ..
ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැගෙන්න
ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැගෙන්න
වෙරළේ රළ සැඩ වුවොත්
ඔරුකඳ කණපිට පෙරලේවී..
නිසල උනොත් ඒ රළ පෙල
සුවසේ අප මෙගොඩ කරාවී..
අකීකරුද ඔබේ සිතත්
වෙරළේ පෙරලෙන රළ වාගේ..
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළඟක් වාගේ..
ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැගෙන්න
ඒ සුළඟේ පාව යන්න
වලා රොදක් සේ නැගෙන්න