ආලවන්තකම

 Alawanthakama 


ආලවන්තකම Lyrics

ආලවන්තකම කොල්ලකන්න මට
දීලා යන්න හද ගැස්ම
නීල අම්බරේ පාට සොරාගෙන
සලන්න මට ඔය ඇස් දෙක//

නාස්ති නෑ ඔබ ළයේ ගෙවන කල
නිරන්තරේ පැය කෝටියක්
ඔබේ නෙතින් මා දෙසට බලාලා
මැවෙන්නෙ නව පෙම් හෝඩියක්//

සීත පිණිපොදේ මාගේ උණුහුමයි
මාගේ උණුහුමයි
මාගේ උණුහුමයි..

සාත්තුවයි මගෙ කැඩුණු බිඳුණු හද
ඔබෙන් හොරාගෙන හාදුවක්
නුරා තටාකේ පාවී යන්නට
ඉතින් හදමු අපි පාරුවක්//

සීත පිණිපොදේ මාගේ උණුහුමයි
මාගේ උණුහුමයි
මාගේ උණුහුමයි..

Video thumbnail