අලුත් කතාවක් (තහනම් කරපු ආදරේ අයිතිවාසිකම්) Lyrics
තහනම් කරපු ආදරේ අයිතිවාසිකම්
නුඹගෙන් ලැබුව කාලේ එදා
සතුටින් මවපු හීනයේ මිහිරි මතකයන්
රිදුමක් බවට පෙරලා තියා
හැරදාලා ගියත් - හැමදා නිතරමත්
නුඹටයි පළමු තැන දුන්නේ
මේ ජීවිතේ
අළුත් කතාවක් අරඹන්න
හිතක් නෑ තව මං ගාව
දහස් වතාවක් හැමදාම
කෙනෙක් නෑ වෙන සිහි වෙන්න
හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන්
නුඹෙන් පිරුණු මාගේ හිත් පොතේ
පිටුව පිටුව ගලවාලනු කෙලෙසකින්ද මං
වෙනස් වෙන්න හිතලා නුඹ වගේ
නොදැනි තෙමෙන දෑසේ රැඳී කාලෙකට කලින්
ඇවිත් උන්නෙ කවුදෝ නුඹ වගේ
කියපු කරපු හැමදේ ඉතින් අතීතයට නම්
පැතුම් පිරුවෙ ඇයිදෝ මේ හිතේ