අම්මා නැති මට කිරි අම්මා වී
කරුවළ ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ..
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ..
උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ..
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ. .
පණමට දී මගෙ නැණ නෙත් පෑදුවේ..
අම්මා නැති මට කිරි අම්මා වී
කරුවළ ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ..
මෝරා හද ගැබ පෙම් මල් නැහැ පිපුණේ..
ඉහිලා බඳවට ගෝමර ළතැවෙන්නේ..
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ. .
මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ..
අම්මා නැති මට කිරි අම්මා වී
කරුවළ ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ..
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ..
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ..