මුතු ඇටයක ඉපදීලා
සාගරයෙන් වටවීලා
ඒරොප්පෙන් සැමන් ගේන
පුදුම මිනිස්සු...
පුදුමයි වාගේ පෙනුනට අමුතු මිනිස්සු //
ඔසරිය මැද පේන බඩම
ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරෙ ඔලුවට ගෙන
බනින මිනිස්සු...
වෙලාවකට පුදුමයි අපි අමුතු මිනිස්සු //
සල්ලි පාවේ - ඈත යාවේ
හීන පාරේ - බිඳිලා යාවේ //
තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්
හෙළුව අතින් වහගෙන හරි
අනුන්ගෙ රෙද්දේ ඇද කුද හොයන මිනිස්සු...
වෙලාවකට හිනා යනවා මෙහෙම මිනිස්සු //
ටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්
ටැටූ එකේ කලර් එකෙන්
මිනිස්සුන්ට සහතික දෙන අමුතු මිනිස්සු...
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු //
සල්ලි පාවේ - ඈත යාවේ
හීන පාරේ - බිඳිලා යාවේ //
රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක් බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු...
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු //
හොඳම කඩෙන් රෙදි ඇඳගෙන
හොඳම කොලිටි බඩු අරගෙන
හොඳම හොරුන් දියවන්නා
යවපු මිනිස්සු...
ඊට පස්සෙ රට ඉවරයි කියන මිනිස්සු //
අනේ මන්ද අපි නම් මහ පුදුම මිනිස්සු
මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සු //