අමුතුම ප්‍රෙමයක් මේක (ඒ ආදරණීයම ප්‍රේමේ) Lyrics
ඒ ආදරණීයම ප්‍රේමේ
පෙම්වතියයි මම නුඹගේ
අදටත් පළමු ප්‍රේමයයි
මගෙ ඔයා
අතරමං වුනු පෙම් කතරේ
තනිවෙලා මං සිහින අතරේ
මිරිඟුවක් පස්සේ දුවමී
මං සදා
අමුතුම ප්‍රේමයක් මේක
යලිත් නොලැබේවී කිසිදාක
මතක විතරයි ඉතිරි අපට
අපි අපෙන් දැන් ඈතට වෙලා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනකන් මඟ තාමත් බලනවා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනතුරු මඟ තාමත් බලනවා
මේ ලැම තුරුලට මුහු වී
විඳි සෙනෙහස අද සිහිවී
රහසින් සිඳ විදවාවී
මා ඔබ වෙනුවෙන් හිඳිමී
අපි හමුවූ අපි වෙන්වූ
වස්සානේ ප්‍රේමයේ
මා රිදවූ මා සැනසූ
එකම කෙනා නුඹවේ
අමුතුම ප්‍රේමයක් මේක
යලිත් නොලැබේවී කිසිදාක
මතක විතරයි ඉතිරි අපට
අපි අපෙන් දැන් ඈතට වෙලා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනකන් මඟ තාමත් බලනවා
මම තාමත් මගේ ප්‍රේමේ සොයනවා
නුඹ එනතුරු මඟ තාමත් බලනවා