අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ

Andara Kale Katu Akule Pipunu Male

shirley waijayantha
අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ Lyrics

අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ..
සුන්දර ඔබේ රුව දිලුනට කිමද පලේ..
සුන්දර නොවේ ලොව විස කටු ඇනෙන වෙලේ..
ඉස්සර වගේ ඉගිබිඟි කම්‌ එපා හොඳේ..

මද්දහනේ ගමි මැද්දේ ඇවිල ගියා..
නුඹේ නමට හොර රහසේ ගෙතුූනු කතා..
ඒ සන්ධියේ බැඳි සෙනෙහේ බිඳී ගියා..
ගමේ කමට බහ දුන්නේ හිතට හොරා..

අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ..
සුන්දර ඔබේ රුව දිලුනට කිමද පලේ..
සුන්දර නොවේ ලොව විස කටු ඇනෙන වෙලේ..
ඉස්සර වගේ ඉගිබිඟි කම්‌ එපා හොඳේ..

වෙල් එළියේ ඉපනැල්ලේ එළිය මකා..
බක්මී මලේ පුසුඹත්‌ නුඹ අරන්‌ ගියා..
හිත පෑරුණේ රට්ටුන්ගේ කතා අසා..
පිටමං වෙලා ඉන්නම්‌ ගම නිවෙනා තුරා..

අන්දර කැලේ කටු අකුලේ පිපුණු මලේ..
සුන්දර ඔබේ රුව දිලුනට කිමද පලේ..
සුන්දර නොවේ ලොව විස කටු ඇනෙන වෙලේ..
ඉස්සර වගේ ඉගිබිඟි කම්‌ එපා හොඳේ..

සුන්දර ඔබේ රුව දිලුනට කිමද පලේ..
ඉස්සර වගේ ඉගිබිඟි කම්‌ එපා හොඳේ..

සුන්දර ඔබේ රුව දිලුනට කිමද පලේ..
ඉස්සර වගේ ඉගිබිඟි කම්‌ එපා හොඳේ..

Video thumbnail