Andura Bindinnata Rayak Dawalu

Andura Bindinnata Rayak Dawalu

victor rathnayake
Andura Bindinnata Rayak Dawalu Lyrics

අඳුර බිඳින්නට රැයක්‌ දවාළු
ලන්තෑරුම් නිවලා..
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..

අඳුර බිඳින්නට රැයක්‌ දවාළු
ලන්තෑරුම් නිවලා..
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..

මතකය නම්‌ වු මළපොත පෙරලා
මළගිය ඊයේ සිහිපත්‌ කල මැන
පැතූ පැතුම්‌ අත්මිට මොළවා ගත්‌
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත්‌ නැත හිස්‌ බවෙකිය ඇත්තේ. .

අඳුර බිඳින්නට රැයක්‌ දවාළු
ලන්තෑරුම් නිවලා..
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..

සමුදුරු ගිරිහෙල්‌ දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණයි පිළිසරණය වන්නේ. .

අඳුර බිඳින්නට රැයක්‌ දවාළු
ලන්තෑරුම් නිවලා..
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..
හිරු තව දවසක්‌ ගෙනැවිල්ලා..

Video thumbnail