අනේ හිමියනි.. ඉදින්‌ නවතිනු

Ane Himiyani Idin Nawathinu Eth Api Eka

sadara bandara
අනේ හිමියනි.. ඉදින්‌ නවතිනු Lyrics

අනේ හිමියනි.. ඉදින්‌ නවතිනු
සෙබළු බොහොමයි.. ගැන්සියේ..
නුඹව ලොකු නැත.. ගොඩක්‌ කල්‌ යුධ
කෙරුව එකෙකුට.. වන්නියේ..

එකම පාරක.. දෙපිල බෙදිලා
සටන්‌ කෙරුවත්‌.. හන්දියේ..
බංකරේ මා.. අන්තරේ නුඹ
එත්‌ අපි එක.. පන්තියේ..

ගැටළු ඇති බව.. මටද වැටහේ
හොඳයි නිසි උද්‌.. ගෝෂණේ..
ඒත්‌ විසඳුම.. මෙහෙම පතුරන
එකද පාරේ.. භීෂණේ..

කසාවතකට.. උරුම දේ නම්‌
රකිනු මිස බුදු.. සාසනේ..
ගලක්‌ ගැහුවම.. වැහෙයි සයිටම්‌
එයද සම්බුදු.. දේශනේ..

දෑත්‌ එක්කොට.. කියමි අන්තිම
වරට පෙන්නා.. ආදරේ..
යන්න පසුබැස.. තවම ඉස්සී
නොමැත කඩු පොලු.. තෝමරෙ..

පිරෙයි පවු මට.. තවත්‌ අඩියක්‌
පැන්නොතින්‌ නුඹ.. බෝඩරේ..
අරන්‌ ආවේ.. මමත්‌ නුඹ මෙන්‌
මට උඩින්‌ දුන්‌.. ඕඩරෙ..

අනේ හිමියනි.. ඉදින්‌ නවතිනු
සෙබළු බොහොමයි.. ගැන්සියේ..
නුඹව ලොකු නැත.. ගොඩක්‌ කල්‌ යුධ
කෙරුව එකෙකුට.. වන්නියේ...

එකම පාරක.. දෙපිල බෙදිලා
සටන්‌ කෙරුවත්‌.. හන්දියේ..
බංකරේ  මා.. අන්තරේ නුඹ
එත්‌ අපි එක.. පන්තියේ..
එත්‌ අපි එක.. පන්තියේ..
එත්‌ අපී.. (හ්ම්).. මිනිස්සුනේ...

Video thumbnail