Anora Warsha

Anora Warsha


Anora Warsha Lyrics

රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂා
බැදි ආලේ හින්දා..
රෑ ගෙවීලා නෙතු සේදී වැටෙනා අනෝරා වර්ෂා
බැදි ආලේ හින්දා..
සමා වන්න පෙම්වන්තී මා රාධා...
සිනා දුන්නු නුබගේ සිත මං බින්දා...
ඇසිල්ලක ගෙවු මතකය හිත රන්දා..
නිමේශයක තනිවු මං ක්‍රිෂ්ණා....

සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා..
හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා..

මේ හිත පුරා ඉකිලන පැතුමක් නොනීවී දැල්වුනා
දිරිදෙනා නුබේ සෙනේ නැතුවම බැරි බව දැන් නම් වැටහුනා..
නැතුවම බැරි බව දැන් නම් වැටහුනා..

නෑ මැකීලා මදහාසේ වින් දා සිත් යායේ හමනා
නුබගේ රූ වරුණා..
නෑ මැකීලා මදහාසේ වින් දා සිත් යායේ හමනා
නුබගේ රූ වරුණා..
සමා වන්න පෙම්වන්තී මා රාධා...
සිනා දුන්නු නුබගේ සිත මං බින්දා...
ඇසිල්ලක ගෙවු මතකය හිත රන්දා..
නිමේශයක තනිවු මං ක්‍රිෂ්ණා....

සුවදකට පවා හමනා හිත තාම ඇලුම් කෙරුවා..
හදවතක විඩා ගෙන ආ පිණි කදුලු සිනා සැලුවා..

ලිය තඹර හිතින් ලෙලවා සුයාමය සිහි කෙරුවා
නිදි නොමැති සලෙලු පියඹා මකරන්ද හෙමින් හැලුනා

දුන් හාදුවේ රසයට අදටත් මේ හිත සැනසුනා..
මා නුබේ ලොව කෙරෙන් නික්මෙන්නට හෙතුන් සදා සැගවුවා..
නික්මෙන්නට හෙතුන් සදා සැගවුවා..

Video thumbnail