Api Athata Athata Paa Nagala Lyrics
අපි ඈතට ඈතට පා නඟලා
ගන වනන්තරේ..
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..
අපි ඈතට ඈතට පා නඟලා
ගන වනන්තරේ..
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
අපි ඈතට ඈතට පා නඟලා
ගන වනන්තරේ..
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුලු වෙමින්
නෑසිය මිතුරන් මගතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
අපි ඈතට ඈතට පා නඟලා
ගන වනන්තරේ..
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..