අපි එකම පාසැලේ ගම්මානේ Lyrics
අපි එකම පාසැලේ ගම්මානේ
පොඩි ගම්මානේ.. මේ ගම්මානේ
අපි එකම පන්තියේ ඒ කාලේ
මැව් පෙම් සිහිනේ.. අද කෝ සොඳුරේ
අපි එකම පාසැලේ ගම්මානේ
පැණි හිඹුටු ඉදුණ ඒ මල් වාරේ..
පිනි ජම්බු කඩාගෙන අඩි පාරේ..
මොර කැලය මැදින් පැන ගංතීරේ..
වැලි කෙළියේ පටන් ආ ඔබ ඇසුරේ..
පෙර නොගිය ගමන් නෑ හඳපානේ
අපි එකම පාසැලේ ගම්මානේ
පොඩි ගම්මානේ.. මේ ගම්මානේ
අපි එකම පන්තියේ ඒ කාලේ
මැව් පෙම් සිහිනේ.. අද කෝ සොඳුරේ
අපි එකම පාසැලේ ගම්මානේ
ආ හා අහා.. ආ හහා...
ආ හා.. අහා.. ආ හහ හා..
තරු එළිය ගලන රෑ ලඳු අයිනේ..
කඳු අසලදි නෙන හමුවූ යාමේ..
ඔය තුරුලු සුවය සොයනා දෑනේ..
අද කවුද තුරුලු වී මට රහසේ..
මතු ඔබම පතා එමි සංසාරේ
අපි එකම පාසැලේ ගම්මානේ
පොඩි ගම්මානේ.. මේ ගම්මානේ
අපි එකම පන්තියේ ඒ කාලේ
මැව් පෙම් සිහිනේ.. අද කෝ සොඳුරේ
අපි එකම පාසැලේ ගම්මානේ