Appachchiye mata thaluwata

Appachchiye mata thaluwata

kingsley peiris
Appachchiye mata thaluwata Lyrics

අප්පච්චියේ මට තැළුවට දිගට හරහට..
සන්තකටම මට තිබුණෙත්‌ ඔබගේ දයාව..
පුංචි අම්මා කැන්දා ගෙන ආපු දසාව..
හැඬුවා කනකොකා මගේ දිවිය පුරාම..

පාඩම්‌ පොත අකුරක්චත්‌ බැහැ මතකයේ තියාගන්න
බැල මෙහෙවර කොතෙක්‌ කලත්‌ බැහැ මට ගුටි නොකා ඉන්න
දෙපා වඳින්නම්‌ වැතිරී.. අප්පච්චියේ සමාවෙන්න
අවසර දෙනවද පුතාට ගෙදරින්‌ පිටවෙලා යන්න

අප්පච්චියේ මට තැළුවට දිගට හරහට..
සන්තකටම මට තිබුණෙත්‌ ඔබගේ දයාව..
පුංචි අම්මා කැන්දා ගෙන ආපු දසාව..
හැඬුවා කනකොකා මගේ දිවිය පුරාම..

අම්මේ හීනෙන්‌ ඇවිදින්‌ මගෙ පැදුරේ නිදාගන්න
ආදරයෙන්‌ පුතේ කියා හෙමිහිට හිස අතගාන්න
අප්පච්චි ගැන අම්මේ.. චෛපා වෛරයෙන්‌ බලන්න
ඒ ඇති දිවි තියෙන තුරා මගෙ මේ හිත හදාගන්න

අප්පච්චියේ මට තැළුවට දිගට හරහට..
සන්තකටම මට තිබුණෙත්‌ ඔබගේ දයාව..
පුංචි අම්මා කැන්දා ගෙන ආපු දසාව..
හැඬුවා කනකොකා මගේ දිවිය පුරාම...

Video thumbnail