Aron mama wayasaka minihek

Aron mama wayasaka minihek

freddie silva
Aron mama wayasaka minihek Lyrics

ආරොන්‌ මාමා..
ආරොන්‌ මාමා වයසක මිනිහෙක්‌ ඉපදුණ අපෙ ගම්මානේ...
මිනිහගේ ජොබ්‌ එක කේලම්‌ කීමයි තැන තැන කඩපිල්‌ ගානේ....
නිතරම හීනෙන්‌ බය වෙල වාගෙයි ලේ කඳුළක්‌ නැහැ මූණේ....
දවසක්‌ දා කල වැඩක්‌ කියන්නම්‌ අහගෙන ඉන්නම ඕනේ...
ආරොන්‌ මාමා..

රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක්‌ ගම වට ඇදුණා....
සාතන්‌ අප්පුගෙ ගේ ළඟදි පොඩි කලබලයක හඬ ඇසුනා
මිනිහා දනිපනි ගාලා.. බිත්තිය අයිනට දුව පැන්නා....
ජරමර සද්දෙට කන දීගෙන උන්නා...
ආරොන්‌ මාමා..

ගහපිය මරපිය ඔළුවට කොටපිය.. පාලි සංස්කෘත කිව්වා
සාතන්‌ අප්පුගේ කොලුවා දුව පැන යකඩ පොල්ලකුත්‌ හෙව්වා....
කිසි සැකයක්‌ දැන්‌ නැහැනේ....
මිනිහෙක්‌ මැරුවා  වාගෙයිනේ
මුළු ගමටම අඬබෙර ගහමින්‌ දිව්වා....
ආරොන්‌ මාමා..

සාතන්‌ අප්පු මිනිහෙක්‌ මැරුවා ආරොන්‌ ජොලාට කිව්වා...
පජොලා පෙමාලට ජෙමාලා ජොසීට පොසීල ඇගීට කිව්වා
ගමම කුලප්පුව දිව්වා....
සාතන්‌ අප්පුව හැම ගෙව්වා....
කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
ආරොන්‌ මාමා..

කාවද මැරුවේ කියපිය කියලා.. සාතව අල්ලලා ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක්‌ ගෙයි මැද සාලෙන්‌ කිව්වා
ඔළුවට ගැහුවේ මූගේ.. මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක්‌ වාගේ ආරොන්‌ පැනලා දිව්වා......

ආරොන්‌ මාමා වයසක මිනිහෙක්‌ ඉපදුණ අපෙ ගම්මානේ...
මිනිහගේ ජොබ්‌ එක කේලම්‌ කීමයි තැන තැන කඩපිල්‌ ගානේ....
නිතරම හීනෙන්‌ බය වෙල වාගෙයි ලේ කඳුළක්‌ නැහැ මූණේ....
දවසක්‌ දා කල වැඩක්‌ කියන්නම්‌ අහගෙන ඉන්නම ඕනේ...
ආරොන්‌ මාමා.....

Video thumbnail