අශෝක මාලා මමයි ස්වාමිනී

ashoka mala mamai swamini

Chandralekha Perera
අශෝක මාලා මමයි ස්වාමිනී Lyrics

අශෝක මාලා මමයි ස්වාමිනී
අශෝක මල්‌ වනයේ..
රනේ රුවට රූ.. සපුව දිලෙනමුත්‌
මා චන්ඩාලියකී.. මා.. චන්ඩාලියකී

අශෝක මාලා මමයි ස්වාමිනී
අශෝක මල්‌ වනයේ..
රනේ රුවට රූ.. සපුව දිලෙනමුත්‌
මා චන්ඩාලියකී.. මා.. චන්ඩාලියකී

නොලැබෙන ලොවකට හඬා පලක්‌ නෑ
එපා රජුනි මට රාජ සුවේ..

නොලැබෙන ලොවකට හඬා පලක්‌ නෑ
එපා රජුනි මට රාජ සුවේ..
තල්‌ අතු මැදුරයි මේ වන අරණයි
අපට අගෙයි අපෙ හීන කුලේ..

අශෝක මාලා මමයි ස්වාමිනී
අශෝක මල්‌ වනයේ..
රනේ රුවට රූ.. සපුව දිලෙනමුත්‌
මා චන්ඩාලියකී.. මා.. චන්ඩාලියකී

රජ කුල පෙලපත එයින්‌ කමක්‌ නෑ
එන්න එපා අතු පැලට මගේ..

රජ කුල පෙලපත එයින්‌ කමක්‌ නෑ
එන්න එපා අතු පැලට මගේ..
ඈතින්‌ දිලෙනා සඳට වඩා මට
ළඟ ඉන්නා ගනඳුරයි අගේ..

අශෝක මාලා මමයි ස්වාමිනී
අශෝක මල්‌ වනයේ..
රනේ රුවට රූ.. සපුව දිලෙනමුත්‌
මා චන්ඩාලියකී.. මා.. චන්ඩාලියකී

Video thumbnail