Athagili badune ai me wilasin

Athagili badune ai me wilasin

indrani perera
Athagili badune ai me wilasin Lyrics

අතැඟිලි බැඳුණේ ඇයි මේ විලසින්‌
ඔබ හමුවෙන්න කලින්‌

ඇසෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්‌

ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්

මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්‌
ඔබෙ රුව දකින තරම්

සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්‌

සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්‌

හමුවුණේ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්‌

ඇසෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්‌

සිතු පැතු සැමදේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්‌

මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්‌

ඇසෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්‌...

Video thumbnail