අතරමං සඳ කුමරියේ (තනිවෙලා ඉකිබිඳින)T Lyrics
තනිවෙලා ඉකිබිඳින ඇස් වල
ඉපදිලා නැහැ වෛරයක්
නුඹ වගේ කැප කරපු හීනයක්
විඳල නෑ සංසාරෙවත්
හීන කන්දක මියැදුනූ අතරමං සඳ කුමරියේ
ජීවිතේ තව සිහිනයක් විතරමයි ආදරේ..
මා නමින් රිදෙන මතකයන්
යලි අලුත් කරනු නොහැකී
ශාපයක් වුනේ ප්‍රේමයක්
මට සමා නොදෙන් මිතුරී
හීන කන්දක මියැදුනූ අතරමං සඳ කුමරියේ
ජීවිතේ තව සිහිනයක් විතරමයි ආදරේ..
සංසාරයක හමුවුනොත්
නුඹ යලිදු තනි නොකරමී
කල්පයක් තරම් දුර ඉඳන්
නුඹ දිහා බලන් නිවෙමී