අතීත ගීය

Atheetha Geeya


අතීත ගීය Lyrics

සඟවන් නුවන් කඳුලින් තෙමා
සැනහී බලන් තරු මල් සිනා
දිලෙනා තුරා හිරුගෙන් ගෙනා
සඳ සේ මවන් හසරැල් සදා

එන්න යං ඈත තුරුලේ වෙලී
අතීත ගීය ඇසෙනා තුරා

ආයාචනා ගෙනා - මේ ගායනා අසා
හීනේ පුරා සිත්තම් කලා.. හීනේ පුරා සිත්තම් කලා….

කතරේ පුරා සොයමි ඔබේ
ඇසෙනා තුරා ඇරයුම් හදේ
සුලඟේ එතී ඉගිලී ගියේ
ඒ ප්‍රාර්ථනා දුරකින් පෙනේ

ගීත වර්ණ රූප චායා මැවේ
ඈත මිරිඟුවෙන් ඈ ගෙනේ

ආයාචනා ගෙනා - මේ ගායනා අසා
හීනේ පුරා සිත්තම් කලා.. හීනේ පුරා සිත්තම් කලා….

අවසන් නොවේ ගීතේ මගේ
සසරේ සදා ඇසේ
ලංවී ඔබේ හද විල් තෙරේ
විඳිමී හද ගී රසේ

පාට දුන්න හීන විසිරී ගියේ
පාලු නූනු ලෝකේ මගේ

ආයාචනා ගෙනා - මේ ගායනා අසා
හීනේ පුරා සිත්තම් කලා.. හීනේ පුරා සිත්තම් කලා….

Video thumbnail