කෙල්ලේ බලපං සුදු කෙල්ලේ
උඹ ඇයි සැරවෙන්නේ
අනේ මං හොඳ කොල්ලෙක්
මේ අයියෝ මේ බලන්න
කෙල්ලේ කියපං හද මල්ලේ
මමමයි ඔය ඉන්නේ අනේ බං දඟ මල්ලේ
ඇයි හදන්නේ දුවන්න
(Female)
අම්මෝ ඇති කොල්ලො මට දැං ඇතී
ආදරේ අරහං හොඳටම හතී
අනේ අයියේ ඇත්තට කිවුවෙ මම Sorry
මම නැති දවසට වෙන්නෙපා Worry
(Male)
මිදුලේ පිපිණු මල් පරවෙලා යයි අනේ
වතුර දාන්නේ දැන් කවුද
ඉදලේ ඉරටු ටික දිර දිර යයි වටේ
අතුගෑවෙත් ඔයා නේද
අනේ Office ගිහින් මං ගෙදරට එන්නේ
මුහුණු බලන්න නොවේද
හවසට දෙන්නත් එක්කලා ටවුමේ
රවුමක් ගහන්න යන් ද
(Female)
මගෙ යකා අවුස්සගන්නෙපා
ගන්නවා කොස්ස අම්මපා
කණමදය වගේ තමුසේ බීලනේ
මට ඇතිවෙලා මේ මල වදේ
ගන්නෑ ගෙට අද දන්නෑ මගෙ හැටි
ඔය බොරු සෙල්ලම් වානා
කියනවා අම්මට අප්පච්චිට මං
ගැන ඔය බේබදු බෑණා
අම්මෝ ඇති කොල්ලො මට දැං ඇතී
ආදරේ අරහං හොඳටම හතී
අනේ අයියේ ඇත්තට කිවුවෙ මම Sorry
මම නැති දවසට වෙන්නෙපා Worry
(Male)
අනෙ මගෙ පණ ඔයා එක්කන් යනෝ Party
මේ මාසෙ විසි අට ඉරිදට මට පඩි
රතු කටු පැනලමෙ ඇයි මගෙ සුදු චූටි
ඔෆිස් එකේ අද Party පොඩ්ඩක් මට වැඩි
දෙහි ගෙඩියක් අරගෙන ගාපං ඔලුවේ
කැපුවත් දෙහි කම් නෑ බං පැලුවේ
නැතිනං ඇති කෙල්ලේ මං පුටුවේ
නිදියන්නං අද රෑ සාලේ
(Female)
එහා ගෙදර අය රවුමේ කාර් එකේ
තමුසෙ හවස ඉන්නේ ටවුමේ බාර් එකේ
කවුද සල්ලි මගෙ ගත්තේ පර්ස් එකේ
ලිප්ස්ටික් කාගෙද කියනවා ෂර්ට් එකේ
කෙල්ලේ....