අත්තම්මා නිවන් ගිහින්.. අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා.. එන්නෙම නැති පාටයි
ඒ උනාට කියා දුන්න.. කවි සීපද වාරම්
අත්තම්මගේ තාලයටම.. මට තාමත් පාඩම්...
අත්තම්මා නිවන් ගිහින්.. අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා.. එන්නෙම නැති පාටයි
ඒ උනාට කියා දුන්න.. කවි සීපද වාරම්
අත්තම්මගේ තාලයටම.. මට තාමත් පාඩම්...
හාන මී හරක්.. එක්කර කෑම දී හුඟක්
බාන බාන එක්කර ගෙන.. හාමු අපි කෙතක්
අත්තම්මගේ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නේ
අත්තම්මගේ කවි රසයලු අපි තාමත් රස විඳින්නේ
අත්තම්මා නිවන් ගිහින්.. අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා.. එන්නෙම නැති පාටයි
ඒ උනාට කියා දුන්න.. කවි සීපද වාරම්
අත්තම්මගේ තාලයටම.. මට තාමත් පාඩම්...
කොකා වෙලේ.. හොද්ද ලිපේ.. අමු කුඹුරේ.. පිට්ටු ලිපේ..
මොකෑ පුතේ.. උඹේ කටේ.. ඇයි මාමේ.. හකුරු කැටේ..

මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්
මට තාමත් පාඩම්