Awa soya adare geethe gayai sagare

Awa soya adare geethe gayai sagare

Angeline Gunathilake
Awa soya adare geethe gayai sagare Lyrics

ආවා සොයා ආදරේ....
ගීතේ ගයයි සාගරේ....
සුදු මූණ හංගන්‌ ගියේ....
ආ.. ආ ඇයයි ප්‍රියේ....

ආවා සොයා ආදරේ..
ගීතේ ගයයි සාගරේ..
හැටි දන්නේ මමනේ ඔබේ....
නෑ.. නෑ ගියේ ප්‍රියේ..

ආවා සොයා ආදරේ..

දවසින්‌ දවසට ගෙවිලා  යනවා...
ජීවිත කාලය නෑ නවතින්නේ...
යෞවන කම පසුපස නැත එන්නේ..
සැනසෙමු ඇයි තව බල බල ඉන්නේ...

ලොව සැප කොතැනද..
කෝ කෝ.. කෝ කියා..
අපි යමු එතැනට...
ප්‍රේ.. මේ ගී ගයා....
ලොව සැප කොතැනද...

රෑ කියන රටේ සෙවණකට යමලූ..
නින්දය කියනා සම්පත සොයමු....

ආවා සොයා ආදරේ...
ගීතේ ගයයි සාගරේ..
හැටි දන්නේ මමනේ ඔබේ....
නෑ.. නෑ ගියේ ප්‍රියේ..
ආවා සොයා ආදරේ...

යෞවන කම මල්‌ උයනකි සොඳුරේ..
ලස්සන පාටින්‌ මල්‌ පිබිදෙන්නේ....
පරවී ගිය පසු චී මල්‌ පිපිලා....
කවුදෝ ඒවා පුබුදාලන්නේ....

වෙරළට ආ රැලි...
ආ.. යේ එන්නේ නෑ..
ලෙ තරුණ කම යළි
හේ.. තු දන්නේ නෑ..
වෙරළට ආ රැලි..

සීතල වැල්ලේ...
ඉමු නැළවිල්ලේ...

අපි විනෝද වෙමු...
කිරි සුදු වැල්ලේ...

ආවා සොයා ආදරේ...
ගීතේ ගයයි සාගරේ..
සුදු මූණ හංගන්‌ ගියේ..
ආ.. ආ ඇයි ප්‍රියේ..

ආවා සොයා ආදරේ....
ගීතේ ගයයි සාගරේ....
හැටි දන්නේ මමනේ ඔබේ....
නෑ.. නෑ ගියේ ප්‍රියේ....

ආවා සොයා ආදරේ...

Video thumbnail