අවංකකමින් ඉතා
ගේදොර රැකපු සතා
ඇයි අද නිසොල්මන් වෙලා..
වෙනදට මෙහෙම නැතා
ලෙඩ දුක් ගැන නොසිතා
සේරම බැලුවා ඇවිදලා
මගේ දරුවන් සමගින්
හිතවත් වෙලා තදින්
ඒ අය ගැනත් බැලුවනේ..
බල්ලෙක් උනත් නමින්
කල් ගෙව්වා නුවණින්
ඇයි ඔබ අපෙන් වෙන්වුණේ..
කවදාවත්ම ඉතින්
පිට වෙලා නෑ මේ ගෙදරින්
අපි ගියේ අපේ ගමන්
නුඹ හිටියා ගේ රකිමින්
ගෙදරට එන සේරම
පිළිගත්තත් මම සතුටින්
නුඹ හඬගා කිව්වා
මිදෙන්න මට නපුරන්ගෙන්
කන්නට දුන්නා මිසක්
නුඹට දුන්නේ නෑ පඩියක්
කෑවෙත් ලැබෙන දෙයක්
ඉල්ලුවේ නෑ හොඳ කෑමක්
නුඹගේ ගතිගුණ ගැන විමසිල්ලෙන් බැලුවා නම්
හොඳ ජීවිත ගෙවන්ඩ නුඹ දුන්නා ගුරුහරුකම්
අවංකකමින් ඉතා
ගේදොර රැකපු සතා
ඇයි අද නිසොල්මන් වෙලා..
වෙනදට මෙහෙම නැතා
ලෙඩ දුක් ගැන නොසිතා
සේරම බැලුවා ඇවිදලා
වෙනදට මෙහෙම නැතා
ලෙඩ දුක් ගැන නොසිතා
සේරම බැලුවා ඇවිදලා
කලගුණ දන්න නිසා වලිගේ වනා ළඟට එමින්
දෙපතුල ලෙව කෑවේ වාසි පතා නොවේ එයින්
නුඹ මට අකීකරු වෙලා ගියේ නැහැනේ ගමන්
නොගිහින් බැරි ගමනක් නිසා වෙන්ව ගියේ ඉතින්
පවුලේ කෙනෙකු ලෙසින් දිවි ඇතිතෙක් ළඟ ඉඳිමින්
නුඹ කල සේවය නම් අමතක කල නොහැක සිතින්
මට කල උදව් වලට ණය ගෙවන්ඩ මගේ අතින්
මතු උපදින දිනයක නුඹ අප ළඟ ඉපදීයන්
අවංකකමින් ඉතා
ගේදොර රැකපු සතා
ඇයි අද නිසොල්මන් වෙලා..
වෙනදට මෙහෙම නැතා
ලෙඩ දුක් ගැන නොසිතා
සේරම බැලුවා ඇවිදලා
මගේ දරුවන් සමගින්
හිතවත් වෙලා තදින්
ඒ අය ගැනත් බැලුවනේ..
බල්ලෙක් උනත් නමින්
කල් ගෙව්වා නුවණින්
ඇයි ඔබ අපෙන් වෙන්වුණේ..
බල්ලෙක් උනත් නමින්
කල් ගෙව්වා නුවණින්
ඇයි ඔබ අපෙන් වෙන්වුණේ..