අවාරේ ඇවිදින් (නුඹ ලග තරම් නෑ)

 Aware Awidin (Nuba Laga Tharam Na)


අවාරේ ඇවිදින් (නුඹ ලග තරම් නෑ) Lyrics

අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ
නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ
නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ

හුස්මන් ගැහෙන්නේ නුඹ නමින් වේනම්
නොදොඩා පිරී නුවන් මුව ගොළු උනා දැන්
රිදෙන පෑරෙන හැඟුම් සඟවාන රහසින්
හිඳින්නම් ජීවිතේ මං හෙවනැල්ල විලසින්

ඇහිපියන් යා වෙවී නුඹ ඉන්නවා නම්
මඟ හැරෙන්නට ඉඩක් දෙන්නේම නෑ මං
සසර හුරු පුරුදු සේ යලි හමු වුනෝතින්
හිමි අහිමි ප්‍රේමයේ මේ හිත නැවතුනා දෙන්

අවාරේ ඇවිදින් පෙරුමන් පුරන්නේ
හැමදාම මං හෙව්ව ප්‍රේමයයි හැගෙන්නේ
හිත මගේ අවුළුවා නුඹම යලි නිවන්නේ
නුඹ ලග තරම් නෑ මට මං දැනෙන්නේ
නුඹ ලග තරම් නෑ මාව දැනෙන්නේ

Video thumbnail