අවසන්‌ වරට කල පෙම්‌ සටන

Awasan Warata Kala Pem Satana Awasan

sanuka wickramasinghe
අවසන්‌ වරට කල පෙම්‌ සටන Lyrics

අවසන්‌ වරට කල පෙම්‌ සටන ළඟ මා පැරදුණේ..
අවසන්‌ වසර මා හා ගෙව්ව පෙම අවසන්‌ වුණේ..
සරසවි උයන තනිවු දිනෙක මා එහි තනිවුණේ..
විඳි පෙම්‌ සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන්‌ කළේ..
විඳි පෙම්‌ සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන්‌ කළේ..

නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩී..
ගිනිගත්‌ හදට රාගී සුවඳ දළු දැම්මා නිතී..

වරහන්‌ නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි..
නුඹ කල පෙමට මා දුන්‌ දුකම දැන්‌ මා විඳවමී..
නුඹ කල පෙමට මා දුන්‌ දුකම දැන්‌ මා විඳවමී..

අවසන්‌ වරට කල පෙම්‌ සටන ළඟ මා පැරදුණේ..
අවසන්‌ වසර මා හා ගෙව්ව පෙම අවසන්‌ වුණේ..
සරසවි උයන තනිවු දිනෙක මා එහි තනිවුණේ..
විඳි පෙම්‌ සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන්‌ කළේ..
විඳි පෙම්‌ සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන්‌ කළේ..

මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි..
සංවර සසර ළඟ මා නිරය මැව්‌ බව මා දනී..

පුජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී..
තව මල්‌ පිපෙන තුරු  ළඟ උන්න කාලය වැරදුණී..
තව මල්‌ පිපෙන තුරු  ළඟ උන්න කාලය වැරදුණී..

අවසන්‌ වරට කල පෙම්‌ සටන ළඟ මා පැරදුණේ..
අවසන්‌ වසර මා හා ගෙව්ව පෙම අවසන්‌ වුණේ..
සරසවි උයන තනිවු දිනෙක මා එහි තනිවුණේ..
විඳි පෙම්‌ සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන්‌ කළේ..
විඳි පෙම්‌ සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන්‌ කළේ...

Video thumbnail