අවාසනාවට රෝස මලක් පරවේ..
කඩා වැටෙන්නට උණු කඳුළක් වැළපේ..
දරා ගන්න බැරි තරමට ආදරෙයි...
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
ලියා හසුන්පත් තැන තැන හංගාපූ..
ගලා බොඳව යයි මේ ඇස් දෙකෙන් තෙමූ..
වලාකුළට රෑ සඳ නෑවිත් ඉඳපූ..
එකම දවස අද විතරද මගේ දෙව් දූ..
එකම දවස අද විතරද මගේ දෙව් දූ..
අවාසනාවට රෝස මලක් පරවේ..
කඩා වැටෙන්නට උණු කඳුළක් වැළපේ..
දරා ගන්න බැරි තරමට ආදරෙයි...
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ..
මහා යදම් බැඳ සිතුවිලි සිර කරපූ..
මගේ නැගණියක් ලෙසින් සිතා මතු..
අවසර දෙන්නම් අපි හිත හදාගමූ..
අවසර දෙන්නම් අපි හිත හදාගමූ..
අවාසනාවට රෝස මලක් පරවේ..
කඩා වැටෙන්නට උණු කඳුළක් වැළපේ..
දරා ගන්න බැරි තරමට ආදරෙයි...
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි..
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි....