අවසර දෙන්නම් යන්න Lyrics
අවසර දෙන්නම් යන්න - යන තැන සතුටින් ඉන්න
පෙම් කලේ වෙන් නොවන්න
නමුදු මා නෑ අහිතකින්
අකමැති නම් තව ඉන්න - බැහැ නවතින්න කියන්න
ජීවිතේ තියෙන තුරුම
ගතවුණත් මා තනිකමින්
ඔයා දන්නෙ නැතුවට තාමත්
හිතින් යන්නෙ නෑ කවදාවත්
සදාකල්ම නොදැනේ
ඔබ වගේ නම් කවුරුවත්
හිමිවීම ම නොම වේ ප්‍රේමේ - එය දනිමී මා හොඳින්
නොලැබීමට රිදුනත් හිත මේ - පලිගන්නේ නෑ ඉතින්
තාම මතකයි ඊයෙ වාගේ
ඔබ කී ඒ සෑමදේ
අතීතයටයි අයිති දැන් ඒ
ලංවීලා උන් යුගේ
වරදක් නම් සිදුවීලා කවදාවත් නෑ මගෙන්
ළඟින් ඉන්න පැතුවේ සෑමදාමත් ආදරෙන්
වචනවලමයි සිහින තිබුණේ
වචනෙන්මයි වියැකුනේ
ඔබේ මතමයි සතුට රැඳුනේ
ඔබගෙන්මයි ගිලිහුනේ
කිසිවක් නම් නෑ හංගා කවදාවත් මා ඔබෙන්
දුරස් වෙන්න හිතුනේ ඇයිද නොදනිම් මා කෙරෙන්