අවසර නැත මට.. ඔබෙ අත ගන්නට Lyrics
අවසර නැත මට.. ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව.. සතර දෙසේ
එනමුදු උපදින.. හැම භවයකදිම
මතු ඔබ හිමී කර.. ගනිමි ළඳේ
බමරෙකු වන්නට... නොහැකිව ළතවෙන
මා අබියස ඔබ.. නෙළුම නොවේ..
උල්පත වන්නට.. නොහැකිව ළතවෙන
මා අබියස ඔබ.. සයුර නොවේ..
අවසර නැත මට.. ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව.. සතර දෙසේ
ඔහු රිදවන්නට.. ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ.. සිහින ලොවේ..
ඔබ කැඳවන්නට.. ඔබ සතපන්නට
මා හද තුල ඉඩ.. නැතිව නොවේ...
අවසර නැත මට.. ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව.. සතර දෙසේ
එනමුදු උපදින.. හැම භවයකදිම
මතු ඔබ හිමී කර.. ගනිමි ළඳේ...