අවසරයි මට Lyrics
අවසරයි මට යන්න
නික්මිලා නුඹෙන් අද
දුර ඈත අනන්තයේ
සිහින මිටියාවතකට
කවදා හමූවේවිද ආයේ
සෙනෙහසින් මුමුණන්න රහසේ
අපේ නමින් ලියවුණු කතාවක්
අරඹන්න වේද ආයේ
සිත් අහසේ ඉකි ගසා
අඳුරින් බරවෙලා නොකිවූ කතාවක්
කියන්නට සැරසිලා
නුඹෙ සුසුමේ ආදරය දැනෙනවා
නොයා ඉන්නම බැරිද ඇස් අහනවා
අපේ නමින් ලියවුණු කතාවක්
අරඹන්න බලා හිඳිනවා
සඳ නික්ම ගිය දිනේ
මගෙ ලයට තුරුලු වී මිමිණුව රෑ පුරා
අපි අපේ වෙන්නෙ කවදද කියා
ඔබෙ නමින් ලියූ කවියක් වෙලා
සෙවණල්ල සේ රැදෙමි නුඹ ලඟ සදා
අපේ නමින් ලියවුණු කතාවක්
අරඹන්න බලා හිඳිනවා