ඇවිලුනු ගිනිදැල්‌ නිවි නිවි යාද්දී.

Awilunu Ginidal Nivi Nivi Yaddi

sanath nandasiri
ඇවිලුනු ගිනිදැල්‌ නිවි නිවි යාද්දී. Lyrics

ඇවිලුනු ගිනිදැල්‌ නිවි නිවි යාද්දී.. ඈ. මට හමුවුවා..
සුපිපුණු වනමල්‌ සුවඳ හමාද්දි.. ඈ මට හමුවුවා..
ඇවිලුනු ගිනිදැල්‌ නිවි නිවි යාද්දී..

රන්‌ කෙඳි දහරින්‌.. පෙරි පෙරි ඉතිරි..
රන්‌ කෙඳි දහරින්‌.. පෙරි පෙරි ඉතිරි.. හිරු අවරට ඇදුණා
පාළුව තනිකම රජයන විටදී..
පාළුව තනිකම රජයන විටදී..ඈ මට හමුවුවා..

ඇවිලුනු ගිනිදැල්‌ නිවි නිවි යාද්දී.. ඈ. මට හමුවුවා..
ඇවිලුනු ගිනිදැල්‌ නිවි නිවි යාද්දී..

සුසිනිඳු සළුවක්‌ සුළඟට ඇඹරි..
සිනිඳු සළුවක්‌ සුළඟට ඇඹරි.. රහසක්‌ මට කීවා..
සුදු මුදු වැල්ලේ සිටියදි තනිවී..
වැල්ලේ සිටියදි තනිවී.. ඈ මට හමුවුවා..

ඇවිලුනු ගිනිදැල්‌ නිවි නිවි යාද්දී.. ඈ. මට හමුවුවා..
සුපිපුණු වනමල්‌ සුවඳ හමාද්දි.. ඈ මට හමුවුවා..

Video thumbnail