ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌(ළමාතැනී

Ayeth Monawath Liyanne Na Lamathani

sangeeth wijesuriya
ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌(ළමාතැනී Lyrics

ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌
කිසිවක්‌ කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්‌
ළමාතැනී මං.. නුඹට ලියු හොර.. ලියුම්‌ අපරාදේ..

කුලී ගෙදර තාමත්‌ මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි

කුලී ගෙදර තාමත්‌ මට හෙවණයි
තනිකම සින්නක්කර නිවනයි
නුඹ ලැබුණා නං නෑ මේ ලෙඩ දුක්‌
කසාය නොව මං.. අද බොන්නේ සරුවත්‌

ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌

කලඳක්‌ වත්‌ තෙත්‌ නොවූ හිතක්‌ ගැන
කප්පරකට පැතූ උතුම්‌ පැතුම්‌

කලඳක්‌ වත්‌ තෙත්‌ නොවූ හිතක්‌ ගැන
කප්පරකට පැතූ උතුම්‌ පැතුම්‌
පල දෙන්නේ නැති එක සත්තයි දැන්‌
ඔයින්‌ ගියා ඇති.. රසබර ආල කෙරුම්

ආයෙත්‌ මොනවත්‌ ලියන්නේ නෑ නුඹ වෙනුවෙන්‌
කිසිවක්‌ කියන්නේ නෑ ආයේ
ගමකට හිතන්නේ නෑ හිත ඇතිමුත්‌
ළමාතැනී මං.. නුඹට ලියු හොර.. ලියුම්‌ අපරාදේ..

කසාය නොව මං.. අද බොන්නේ සරුවත්‌
ඔයින්‌ ගියා ඇති.. රසබර ආල කෙරුම්
නුඹට ලියු හොර.. ලියුම්‌ අපරාදේ
ඔයින්‌ ගියා ඇති.. රසබර ආල කෙරුම්

Video thumbnail