Babaleema wagema basa yama aithi Lyrics
බැබළීම වගෙම බැස යාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි
රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැති
හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැති
නුඹ දන්න තරම් මගෙ හිත..
වෙන දන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී....
බැබළීම වගෙම බැස යාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි..
හිමිවන්න කියා හමුවන්න හිතක් නැති
පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැති
අදහන්න නමුත් හැකිවෙද..
නුඹ දුන්නේ නැතත් නුඹෙ හිත මගෙ ළඟම ඇතී...
බැබළීම වගෙම බැස යාම අයිති සඳටයි
පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි...