බබුන්‌ රාළගේ වලව්වේ ජරමරයක්‌ වෙලා අන්න(මහදැන මුත්තා)

Babun Ralage Walawwe Mahadana Muththa

maxwell mendis
බබුන්‌ රාළගේ වලව්වේ ජරමරයක්‌ වෙලා අන්න(මහදැන මුත්තා) Lyrics

බබුන්‌ රාළගේ වලව්වේ ජරමරයක්‌ වෙලා අන්න
එළු පැටියෙක්‌ මුට්ටියකට ඔළුව උගේ හිර කරගෙන
මහදැන මුත්තානනි මට මේ සිද්දිය කියා ඔබට
ඇතු පිට ඔබ නංවා ගෙන එන්නැයි පැවසුවා සැමට

මහදැන මුත්තා... අපේ ගමෙහි උගත්තා..
ඇතු පිට නැගලා.. එනවා ලලයි ලිලයි ලා..
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල

මේ තාප්පේ කපොල්ල හරි පටුයි නොවෙද ඇතුට යන්න
යා හැකි තරමට ගෝලයිනේ හනිකට මෙය කඩන්න
ආදර මගෙ එළු පැටියාගේ ඔළුව ඉවත අරන්‌ දෙන්න
මහදැන මුත්තානනි මම අගේ කරමි ඔබේ නුවණ

මහදැන මුත්තා... අපේ ගමෙහි උගත්තා..
ඇතු පිට නැගලා.. එනවා ලලයි ලිලයි ලා..
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල

මේකත්‌ මහා කාරියක්ද කියමින්‌ සැමටම ඇසෙන්න
එළු පැටියාගේ ගෙල කපන්න අණ කෙරුවා ගෝලයෙකුට
ඕං වැඬේ ලේසි කෙරුවා මුට්ටිය බිඳ ඔළුව ගන්න
මට හරියට වැඩ තියනවා ගෝලයිනේ එනවා යන්න

මහදැන මුත්තා... අපේ ගමෙහි උගත්තා..
ඇතු පිට නැගලා.. යනවා ලලයි ලිලයි ලා..
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල

පොඩි ළමයිනි මේ අහන්න කෙරුවේ මෝඩ කමක්‌ නේද
මුට්ටිය බිඳ එළු පැටියාව බේරගන්න තිබුණා නේද
ඉස්සර උන්‌ සමහර අය මහදැන මුත්තාව ගෙන්වා
ඔහු කියනා අනුවණ කම්‌ ඉස්මුදුනින්‌ පිළිගන්නවා

මහදැන මුත්තා.. අපේ ගමෙහි උගත්තා..
ඇතු පිට නැගලා.. යනවා ලලයි ලිලයි ලා..
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල
ලලල ලිලයි ලාල ලාල.. ලිලල ලලයි ලාල ලාල

Video thumbnail