බැද්දට හඳ වගේ

baddata sanda wage

Chamara Weerasinghe
බැද්දට හඳ වගේ Lyrics

බැද්දට හඳ වගේ.. ගෝමරී මල්‌ මද කැකුලියේ
රන්දා පාමිටේ.. නෑනී රන්කඳ වී මගේ
මං බැද්දේ ගොහින්‌ බඹර කොතක්‌ ගෙනල්ලා දෙන්නම්‌
ගම්‌ බැද්දේ ගොයින්‌ ගොනම්‌ පොජක්‌ ගෙනල්ල දෙන්නම්‌
බැද්දට හඳ වගේ.. ගෝමරී මල්‌ මද කැකුලියේ

මහ හූරෝ සහේට දෙන්නට හැදුවට(ඔ ඕ.. ඔ ඔ ඔඔඕ)
මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
යන්ට එපා.. උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

බැද්දට හඳ වගේ.. ගෝමර මල්‌ මද කැකුලියේ
රන්දා පාමිටේ.. නෑනී රන්කඳ වී මගේ
මං බැද්දේ ගොහින්‌ බඹර කොතක්‌ ගෙනල්ලා දෙන්නම්‌
ගම්‌ බැද්දේ ගොයින්‌ ගොනම්‌ පොජක්‌ ගෙනල්ල දෙන්නම්‌
බැද්දට හඳ වගේ.. ගෝමරී මල්‌ මද කැකුලියේ

මහ බල ඇති කළු බණ්ඩාර දෙයියන්ට(ඔ ඕ.. ඔ ඔ ඔඔඕ)
මහ බල ඇති කළු බණ්ඩාර දෙයියන්ට
යදිනවා.. මං යදිනවා
මගෙ නෑනී සහේට ගන්න හිතා
මගෙ නෑනී සහේට ගන්න හිතා

බැද්දට හඳ වගේ.. ගෝමරී මල්‌ මද කැකුලියේ
රන්දා පාමිටේ.. නෑනී රන්කඳ වී මගේ
මං බැද්දේ ගොහින්‌ බඹර කොතක්‌ ගෙනල්ලා දෙන්නම්‌
ගම්‌ බැද්දේ ගොයින්‌ ගොනම්‌ පොජක්‌ ගෙනල්ල දෙන්නම්‌
බැද්දට හඳ වගේ.. ගෝමරී මල්‌ මද කැකුලියේ

Video thumbnail