බලාගෙනයි පෙම්බර දේවී..

Balagenai Pembara Devi

rodney warnakula
බලාගෙනයි පෙම්බර දේවී.. Lyrics

බලාගෙනයි පෙම්බර දේවී..
හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවි
ගොදුරු සොයන රුදුරු  වන සතුන්‌..
මිතුරු වෙසින්‌ ඇසුරට ඒවී..
මේ නපුරු නගරයේ..
බලාගෙනයි පෙම්බර දේවී..
බලාගෙනයි පෙම්බර දේවී..

පාර දිගේ සල්පිල්‌ වල සිහින විකුණනා..
විසිතුරු වචන අමුණනා..
යෞවන සිහින වෙළෙන්දූ..
ලෙන්ගතු කම් මිල අඩු කර දෙන්න හදාවී
රැවටෙන්න එපා පෙම්බර දේවී..

බලාගෙනයි පෙම්බර දේවී..
හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවි
ගොදුරු සොයන රුදුරු  වන සතුන්‌..
මිතුරු වෙසින්‌ ඇසුරට ඒවී..
මේ නපුරු නගරයේ..
බලාගෙනයි පෙම්බර දේවී..
බලාගෙනයි පෙම්බර දේවී..

සමන්‌ පිච්ච මල්‌ සුවඳට හැන්දෑ වරුවේ
මල්මද බිසව් මතක්‌ වී..
හිත හැඬුවා ඇසට මුවා වී..
ගම එනතුරු මඟ බලාන කෙනෙක්‌ හිඳීවි
නෑවිත්‌ ඉන්න එපා පෙම්බර දේවී..

බලාගෙනයි පෙම්බර දේවී..
හිනාවෙන්නේ බලාගෙනයි පෙම්බර දේවි
ගොදුරු සොයන රුදුරු  වන සතුන්‌..
මිතුරු වෙසින්‌ ඇසුරට ඒවී..
මේ නපුරු නගරයේ..
බලාගෙනයි පෙම්බර දේවී..
බලාගෙනයි පෙම්බර දේවී..

Video thumbnail