බඹරා වගේ විසේකාරයා

Bambara Wage Wise Karaya

sangeeth wijesuriya
බඹරා වගේ විසේකාරයා Lyrics

බඹරා වගේ විසේකාරයා
මම දෙබරා වගේ ගණංකාරයා
සමනලයා වාගේ මම හැඩකාරයා
මී මැස්සා වාගේ හරි වැඩකාරයා

බඹරා වගේ විසේකාරයා
මම දෙබරා වගේ ගණංකාරයා
සමනලයා වාගේ මම හැඩකාරයා
මී මැස්සා වාගේ හරි වැඩකාරයා

කෝකිලයා සින්දු කියනවා වගේ
රස වෑහෙන සින්දු කියනවා
මොණර රජා රඟදෙන විධියට අගේ
කොතනත්‌ මම රඟ දක්වනවා
මම කපුටා වගේ කපටිකමට නෑ හුරුවන්නේ
කිරි කොකා වගේ හැම තැනදිම කැපිලා පෙනෙන්නේ

බඹරා වගේ විසේකාරයා
මම දෙබරා වගේ ගණංකාරයා
සමනලයා වාගේ මම හැඩකාරයා
මී මැස්සා වාගේ හරි වැඩකාරයා

සැලළිහිනියා වගේ නිහඬව ඉන්නවා
නියම තැනදි කතා කරනවා
උකුස්සා වගේ දුර තියාම දකිනවා
අනතුරකදි මට තේරෙනවා
නැහැ ගිරවා වගේ නිතරම මම කතා කරන්නේ
පොර කුකුළා වග්‌ කොතන ගියත්‌ දිනලයි එන්නේ

බඹරා වගේ විසේකාරයා
මම දෙබරා වගේ ගණංකාරයා
සමනලයා වාගේ මම හැඩකාරයා
මී මැස්සා වාගේ හරි වැඩකාරයා

බඹරා වගේ විසේකාරයා
මම දෙබරා වගේ ගණංකාරයා
සමනලයා වාගේ මම හැඩකාරයා
මී මැස්සා වාගේ හරි වැඩකාරයා

Video thumbnail