Bambareku Awai Niritha Digeya

Bambareku Awai Niritha Digeya

w d amaradeva
Bambareku Awai Niritha Digeya Lyrics

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරුවයි මියුරු රසේයා
මල්‌ පරවුවයි.. සෝකෙන්‌ බෝවා
කඳුළු ගැලුවයි එලෝ ගැබේයා

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරුවයි මියුරු රසේයා
මල්‌ පරවුවයි.. සෝකෙන්‌ බෝවා
කඳුළු ගැලුවයි එලෝ ගැබේයා

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුළකට ගියාදෝ..

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුළකට ගියාදෝ..
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි වුණාදෝ

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරුවයි මියුරු රසේයා
මල්‌ පරවුවයි.. සෝකෙන්‌ බෝවා
කඳුළු ගැලුවයි එලෝ ගැබේයා

සලමින්‌ සුමුදු පොඩි අත්තටු මියුරු සරින්‌
නලමුදු සුවඳ විඳගන්නට ගියත්‌ වරෙන්‌

සලමින්‌ සුමුදු පොඩි අත්තටු මියුරු සරින්‌
නලමුදු සුවඳ විඳගන්නට ගියත්‌ වරෙන්‌
බල බිඳ දමා හිරු යන විට අවරගිරෙන්‌
සලමින්‌ පිපුණු මල්‌ පැණි බොනු රිසිව වරෙන්‌

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරුවයි මියුරු රසේයා
මල්‌ පරවුවයි.. සෝකෙන්‌ බෝවා
කඳුළු ගැලුවයි එලෝ ගැබේයා

Video thumbnail