බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව..
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව..
රන්මිණි මාල පළඳන්නයි පොරොන්දුව...
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව..
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව..
රන්මිණි මාල පළඳන්නයි පොරොන්දුව...
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා..
බක්මහ එන්න පෙර බැඳමුයි තැවෙන් එපා..
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන් එපා..
දැක්මත් සහනයකි.. ඔබ මග හරින් එපා..
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව..
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව..
රන්මිණි මාල පළඳන්නයි පොරොන්දුව...
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට..
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට..
තාමත් දැනෙනවා ඇඟ ගෑ සුවඳ මට..
නවතිනු බැරි වුණත්.. එනු මස්සිනේ ගෙට..
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව..
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව..
රන්මිණි මාල පළඳන්නයි පොරොන්දුව...
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව..
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව..
රන්මිණි මාල පළඳන්නයි පොරොන්දුව...
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව..