බෙන්තර පාලමේ

Benthara Palame  


බෙන්තර පාලමේ Lyrics

උරුමක්කාරිය මගේ මේ සංසාරේ.
හිතුවක්කාරියක් නොවී රෑ තුන් යාමේ.
ඇහිපිල්ලම් සලා තියා මේ ආදරයේ.
කුසුමක් වී පිපෙන්න මා මේ නිල් තීරේ .
කිසිදා නොලද හැගුමන් නොලද මගෙ ලෝකේ තුලට .
ගෙනවිත් ඔබව ආසයි දිනෙක පලදා මුදුව.
ඔබෙ නාමේ අගට මගෙ නාමේ දෙන්න ....

බෙන්තර පාලමේ දෙපිටින් ඇති මායිමේ.
කොල්ලන්ගේ හිතේ බොරු නෑනේ.
දුන්නොත් ආදරේ කැන්දන් යන්නම් කරේ.
ඊලග මාසයේ මැද බාගේ.......

අවතැන් වුනු හැගුමන් වෙත කිමිදී ගිලිලා.
හදපතුලේ තිබෙනා රිදෙනා හැන් සොයලා.
සුවපත් කල ඔසුවක් ඔය මුවගේ මවනා.
සිරි යාවන් පිරෙනා සද වාගේ සිනහා.

යහනාවක් තනලා මල් අතුරා සුවසේ.
සතපන්නම් ඉඩදුන්නොත් ඉගියෙන් දෑසේ.
නොරිදාසිපගන්නම් ආදරයෙන් මාගේ.
රැකගන්නම් හැමදාමත් රැජිනක් වාගේ...

බෙන්තර පාලමේ දෙපිටින් ඇති මායිමේ.
කොල්ලන්ගේ හිතේ බොරු නෑනේ.
දුන්නොත් ආදරේ කන්දන් යන්නම් කරේ .
ඊලග මාසයේ මැද බාගේ ...

කෙහෙරැල්ලක් ඔබගේ මද පවනැල්ලක් හා .
කාලයකට සැලෙනා පාවෙන හැඩ දැකලා.
පදවැල් උපදිනවා මගේ මනසේ වටිනා.
පිටු දාහක් තිබෙනා කවි පොතකට අදනා

මගෙ ජීවේ අවසානේ ඔබගේ තුරුලේ .
නවතින්නට හැකියාවක් ලැබුනොත් ආයේ .
ඉපදී මතු බවයේ නෑ වෙනසක් වෙන්නේ.
ඔබමයි සොයලා එන්නේ සුලගක් වාගේ.

බෙන්තර පාලමේ දෙපිටින් ඇති මායිමේ.
කොල්ලන්ගේ හිතේ බොරු නෑනේ.
දුන්නොත් ආදරේ කැන්දන් යන්නම්
කරේ.
ඊලග මාසයේ මැද බාගේ ......

Video thumbnail