බෙත්ලෙහෙමි අද රෑ උපන්නා

Bethleheme Ada Re Upanna

mariazelle goonetilleke
බෙත්ලෙහෙමි අද රෑ උපන්නා Lyrics

බෙත්ලෙහෙමි අද රෑ උපන්නා
ලස්සන බිළිඳෙක්‌ මල්‌ වගේ
මවගෙ ළයේ සුරතල්‌ විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ

ජය ජය ජය සිරී.. ජයමංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල්‌ දිනේ..

ජය ජය ජය සිරී.. ජයමංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල්‌ දිනේ..

තරුවක්‌ බබළයි පුන්‌ සඳක්‌ සේ
රන්වන්‌ රැය අරුණක්‌ වැනියි
කෙදිනකවත්‌ නැති සාමයක්‌ දෙයි
ලොව නව සිරියාවක්‌ ගනියි

ජය ජය ජය සිරී.. ජයමංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල්‌ දිනේ..

ජය ජය ජය සිරී.. ජයමංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල්‌ දිනේ..

ලස්සන මවගේ ඇස් වගේය
බිළිඳා නැළවේ මව්‌ ළයේ
දුර ඇති තරුවේ රෑස්‌ වගේය
දිස්වී බබළන මේ රැයේ

ජය ජය ජය සිරී.. ජයමංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල්‌ දිනේ..

ජය ජය ජය සිරී.. ජයමංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල්‌ දිනේ..

Video thumbnail