Bimbarak senaga gawasuna wellasse

Bimbarak senaga gawasuna wellasse

gunadasa kapuge
Bimbarak senaga gawasuna wellasse Lyrics

බිම්බරක්‌ සෙනග ගැවසුන චන්ද්‍ර සුරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම්‌ මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත්‌ රුපුසෙන්‌ සත්‌ මුහුදු මතින්‌ ගුවනින්‌
කම්බි වට කලේ මනරම් මාළිගාව දෝ..
මාළිගාව දෝ..

ට්‍රැක්ටරේ  යකඩ ගජසෙන්‌ කුංචනාදයෙන්‌ ඇළලුන
වෘක්ෂ දේවතාවන්‌ බිම වැටී පණ ගසයි..
මිනී මල්‌ පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර ථයන්‌ කඩ අහිමිව විලාපය නගයි..
විලාපය නගයි..

බිම්බරක්‌ සෙනග ගැවසුන චන්ද්‍ර සුරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම්‌ මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත්‌ රුපුසෙන්‌ සත්‌ මුහුදු මතින්‌ ගුවනින්‌
කම්බි වට කලේ මනරම් මාළිගාව දෝ..
මාළිගාව දෝ..

කැලැ මල්‌ පිපී රතු තොල්‌ වලින්‌ කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන්‌ රුවන්‌ කරඬු කොයි..
වෑකන්ද කඩා බිම්‌ කටු කම්බියෙන්‌ බෙදා මේ
රණබිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්‌..
කඩුව බිම දමව්‌..

බිම්බරක්‌ සෙනග ගැවසුන චන්ද්‍ර සුරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම්‌ මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත්‌ රුපුසෙන්‌ සත්‌ මුහුදු මතින්‌ ගුවනින්‌
කම්බි වට කලේ මනරම් මාළිගාව දෝ..
මාළිගාව දෝ..

Video thumbnail