Birida mage oba naa ma obage birida nowe Lyrics
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා..
ඔබගේ බිරිඳ නොවේ..
ඔබගේ බිරිඳ නොවේ..
ඔබ පෙම් කල අය
ඔබට ලැබී නැත..
මා පෙම් කල අය
මටද ලැබී නැත..
ඔබ පෙම් කල අය
ඔබට ලැබී නැත..
මා පෙම් කල අය
මටද ලැබී නැත..
මව්පිය නෑසිය
ආසිරි ගී මැද
දෑඟිලි පමණක්
එකට බැඳී ඇත..
දෑඟිලි පමණක්
එකට බැඳී ඇත
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ...
සිරුරින් එක තැන
හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි
එකම වහල යට..
සිරුරින් එක තැන
හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි
එකම වහල යට..
ඔබෙත් මගෙත් හද
ගැහෙනා රාවය
අපට මියෙන තුරු
හැඳිනිය හැකිවෙද
අපට මියෙන තුරු
හැඳිනිය හැකිවෙද.....?
බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයකින් බැඳි පමණින් මා..
ඔබගේ බිරිඳ නොවේ..
ඔබගේ බිරිඳ නොවේ...