බොල්‌ වී අහුරු වෙල් හුළඟේ

bol wee ahuru wel sulange giya sema

Chamara Weerasinghe
බොල්‌ වී අහුරු වෙල් හුළඟේ Lyrics

බොල්‌ වී අහුරු වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින්‌ නුඹ මටවත්‌ නොකියාම

දම්‌ පැහැ කහට කජු පුහුලන්‌ පිපි කාලේ..
රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ..
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ..
බැරිවුණි කියා ගන්නට හිත බැඳි ආලේ..

බොල්‌ වී අහුරු වෙල්‌ හුළඟේ ගිය සේම
දීගෙක ගිහින්‌ නුඹ මටවත්‌ නොකියාම

නෑ තුන්‌ හිතකවත්‌ අමනාපයක්‌ නගේ...
මේ අපි පෙරත්‌ ජාතියේ පැතු ලෙසයි නගේ..
පිට ගං ගොහින්‌ මා අමතක වුණත්‌ නගේ..
අතමිට සරුව නුඹ යහතින්‌ හිඳින්‌ නගේ...

Video thumbnail