අතේ සතේ නැති උනාට ගෙවල් කොලඹ හතේ
හරි කයිවාරුව පම්පෝරිය තමයි හතර අතේ
බණ පොතේ අකුරු බැරි උනාට ඉංගිරීසි කටේ
බොරු කරං අතට අහු උනාම කට උත්තර නැතේ
මචං බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
මිනි ගවුම ඇඳන් ඇවිදිනකොට පේන කොකා වගේ
තාලෙට පද්දන හැඩට කිව්වෙ පූස් ගමන් වගේ
තොල් පාට පාට දිය සායම් හැට මායම් ඇගේ
අනෙ නගේ උබට මොකද උනේ හිටිය යසට අගේ
මචං බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
ඉරුනු ඩෙනිම ඇඳන් හිරට කොන්ඩෙ කූරු වගේ
අනෙ යටිගිරියෙන් කෑගහනව දාලා අමුතු රඟේ
එක දවසින් තරුවක් කරන්න රියලිටියක් වගේ
මචං වැඩ බැරි ටාසන්ලට නම් අනේ හොඳම වැඩේ
මචං බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්
බොනිකර තරුවක් තවත් බොනිකර තරුවක්
බොනිකර තරුවක් කලේ තනිකර බොරුවක්