බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න
කැලේ ගිහින් නිදි වැරුවා..
කැලේ ගිහින් නිදි වැරුවා කැපුන සඳුන් දණ්ඩ දනි
ඒ සඳුනින් හිත තැවරු සුවඳ පවා සිහින වැනි
අඳුරට දුක එකතු වෙලා..
අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුණු පැලට වදී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී
රෑන ගිරව් කටුසු කොබෙයි..
රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වනේ
නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී..
කඳු ඉස්මත්තෙන් පාවි වැගිරෙන දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඬෙන් කවිය වුණේ
බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න