බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ

Bovitiya Dan Palukan Ware

sunil santha
බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ Lyrics

බෝවිටියා දං පළුකං වාරේ
මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ
මාදං වැහි වැහැලා නංගෝ
සිහිවන විට තොල කටද තෙමෙයි
මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ

මා යන්නේ මේ වලටයි මා අත
හැරයන්කෝ නංගෝ
බාලොලියා බෝවිටියා කන්නෝ
නරක ළමෝ නංගෝ
ඊයේ වාගේ ඕලු නෙලා ගෙන
මම එන්නම්‌ නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ

ඒ බොරුවට මා විහිළු කළා නොවැ
තරහද මගෙ නංගෝ
රතට රතේ කජු පුහුලම්‌ ඔබ දැක
සැඟැවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා වැඩි අය
එන්න මෙහෙන්‌ නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ

පුහුල්‌ හොරා නම්‌ කරෙන්‌ දැනෙන්නා
කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව දම්‌ පැහැ වූයේ
කිමද අහෝ නංගෝ
මටත්‌ හොරෙන්‌ ඔබ දං කෑවා නොවැ
යසයි යසයි නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ

බෝවිටියා දං පළුකං වාරේ
මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ
මාදං වැහි වැහැලා නංගෝ
සිහිවන විට තොල කටද තෙමෙයි
මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං
කරඹ ගොඩයි නංගෝ

Video thumbnail